මාතර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් නාමාවලිය තුළ දීර්ඝතම ඉතිහාසයක් සහිත පාසල මාතර සාන්ත තෝමස් විද්‍යාලය වන්නේය. වසර 175 කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත අප පාසල දකුණු ලකට පමණක් නොව සමස්ත දේශයටම උගත් දක්ෂ සිසු පරපුරක් දායාද කර ඇත. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ්‍ය පඹුරණ.මෙත්තෛයිය හිමි, හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බද්උද්දීන් මහමුද් මැතිතුමා , කීර්තිමත් භාෂා විශාරද කුමාරතුංග මුනිදාසයන් වැනි විශිෂ්ඨ පුරවැසියන් තොමසුවෙන් රටට දායාද කර ඇත. මහා ගත්කරු කුමාරතුංග මුනිදාසයන් අප පාසල පිළිබඳව මෙසේ ප්‍රකාශ කර ඇත.
රට අතරින් හෙළදිව වැන්නක්
එහි නගර අතරින් මාතර වැන්නක්
එහි පාසැල් අතුරින් තොමසුව වැන්නක්
කවුරු ලබත්ද?
වර්තමානයේ ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන විද්‍යාලයේ සිසුන් 3500 පමණද 145 ආචාර්ය මණ්ඩලයකින්ද සමන්විත වේ. අධ්‍යාපන සෞන්දර්යය හා ක්‍රීඩා යන සියලු අංශ යටතේ ජාතික තලයේ දක්ෂතා දක්වන සිසු පරපුරක් නිර්මානය කරන අප පාසල පහත පරමාර්ථ පෙරදැරිව ක්‍රියා කරයි.